බිහිසුණු අනාවැකියක් අත දරා උපන් දරුවෙක්. අශුද්ධ සරණ මංගල්‍යයකින් හට ගන්නා නොසිඳෙන වෛරයක්. සාරධාර්මික රාජ්‍යයක් වෙනුවෙන් කැප වූ මිනිසෙක්. නව ලෝක දර්ශනයක් දේශනා කරමින් වීථි සරන විමුක්තිය ලද්දෙක්.

ජීවිතයේ කටුක යථාර්ථයටත් ආදරයේ අහිමි වීමටත් රාජ්‍ය බලයේ සාහසික කුමන්ත්‍රණයටත් මුහුණ දෙන සිංහාසනයේ සැබෑ හිමිකරු හිමාලයේ සීතල සෙවණැල්ල යට සටන් වදින බොහෝ සංග්‍රාම අවසානයේ ගත යුතු අභියෝගාත්මක තීරණය ගනීවි ද?

සියවස් ගණනාවක් පුරා වරදවා වටහා ගත් ඛේදනීය පුරාවෘත්තයක මානුෂීය පරිකල්පනය… අවතරණය

සිංහල English
avatharanaya-eranda-ginige-book
රු.950/-
අවතරණය
ළඟ ම ඇති සරසවි පොත් අලෙවි සැලෙන්

මුල් පරිච්ඡේද ද්විත්වය

කතු විති

1980 අප්‍රේල් 27 වැනි දින මෙළොව එළිය දුටු එරන්ද ගිනිගේ හැදී වැඩුණේ “පුරෝගාමීත්වයේ නගරය” ලෙස විරුදාවලි ලත් මොරටුව පුරවරයේ ය.

ද සොයිසා මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද හෙතෙම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ව 1991 වසරේ දී වේල්ස් කුමාර විද්‍යාලයට ඇතුළත් විය. දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ එරන්ද, සිංහල භාෂා විෂය වෙනුවෙන් පිරිනැමෙන අංශ ත්‍යාගය සෑම වසරක ම පාහේ දිනා ගැනීමට සමත් විය. පාසලේ සිංහල විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස බොහෝ ජයග්‍රහණ දිනා දීමට සමත් වූ ගිනිගේ, 1997 වසරේ සමස්ත ලංකා පාසල් කථික තරගාවලියෙන් ඉංග්‍රීසි මාධ්‍ය අංශයෙන් “ප්‍රථම ස්ථානය” දිනා ජාතික සම්මානයෙන් සිය පාසල ඔප් නැංවූයේ ය.

එරන්දගේ සිංහල රචනා කෞෂල්‍යය සහ පරිකල්පන හැකියාව දුටු ඔහුගේ සිංහල භාෂා ගුරුතුමිය, අනාගතයේ දවසක සිය ශිෂ්‍යයා ගත් කතුවරයෙකු වෙනු ඇතැයි වරක් පවසා තිබේ.


ඉතිරි කොටස කියවන්න

2003 වසරේ ඉන්දියාවේ බැංගලෝර් සරසවියෙන් ජාන විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්තියේ උපාධියක් හිමි කර ගත් එරන්ද ගිනිගේ, කොළඹ ජාත්‍යන්තර පාසලේ විද්‍යා විෂය ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය. අනතුරුව කලක් විදෙස් ගත ව ද ඉගැන්වූ හෙතෙම, 2006 වසරේ සිට උසස් අධ්‍යාපන කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසියේ ය.

2008 වසරේ ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපෘති සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගත් ගිනිගේ, ලෝකයේ විශාලත ම ජාත්‍යන්තර සංස්කෘතික සම්බන්ධතා සංවිධානය වන බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නව්‍යකරණ සහ ව්‍යාපාර සම්බන්ධතා ප්‍රධානියා බවට පත් විය. වසර හතකට අධික කාලයක් ලංකාවේ “ව්‍යවසායකත්ව අධ්‍යාපනය” දියුණු කිරීම සඳහා විවිධාකාරයෙන් කටයුතු කළ හෙතෙම තරුණ ව්‍යවසායකයන් සඳහා වූ ලංකාවේ පළමු රියැලිටි ටෙලිවිෂන් අත්දැකීම වන “අයිඩියේටර්ස්” නිෂ්පාදනය කළේ ය.

ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ළමා පොතක් වන “රයන් ටු ද මූන්” නමැති කෘතිය එම්. ඩි. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ එම කාලය අතරතුර ය.

සමාජ සහ පාරිසරික ගැටලු විසඳන නව අර්ථ ක්‍රමයක් පිණිස වන “සමාජ ව්‍යවසායකත්වය” ලංකාවට හඳුන්වා දීමට එරන්ද ගිනිගේ පුරෝගාමී වන්නේ ඒ පිළිබඳව සිංහල භාෂාවෙන් රචිත පළමු පොත වන “සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග” ස්වයං ප්‍රකාශයට පත් කිරීමෙනි. එමෙන් ම සමාජ ව්‍යවසායකයන් වෙනුවෙන් ලෝකයේ නිෂ්පාදනය කළ ප්‍රථම රූපවාහිනී වැඩසටහන වන “ඇත් පවුර” සංකල්පය නිර්මාණය කර එය සම-නිෂ්පාදනය කිරීමට ද හෙතෙම කටයුතු කළේ ය.

ලංකාවේ සමාජ සහ පාරිසරික ගැටලු පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ හඬ නැගූ එරන්ද ගිනිගේ, 2018 වසරේ සිට දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය. “ජනරජය” නමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමාලාවට අත්පොතක් ඔහු විසින් ලියා ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මෙම අවධියේ ය.

2021 වසරේ භූතානයේ උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපන අංශ ප්‍රධානී ලෙස සේවය කරමින් සිටි හෙතෙම ලංකාවේ මෑත ඉතිහාසයේ තීරණාත්මක අභියෝගයක් වූ 2022 අර්බුද අවස්ථාවේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට සහාය දීමට ජනාධිපති උපදේශක තනතුරට පත් විය.

සිය සුවිශේෂී සමාජ සහ දේශපාලනික අත්දැකීම් තුළින් ලද ගැඹුරු අවබෝධයත්, සිංහල ඉතිහාස ගවේෂණයෙන් ලද දැනුමත්, නිර්මාණශීලී පරිකල්පනයත්, සිංහල භාෂාව කෙරෙහි කුඩා කල දැක්වූ හැකියාව කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමත් පාදක කොට ගනිමින් එරන්ද ගිනිගේ විසින් රචිත සිය කුළුඳුල් සිංහල නවකථාව වන “අවතරණය” සරසවි ප්‍රකාශකයන් විසින් 2025 වසරේ ප්‍රකාශයට පත් කිරීමට තෝරා ගැනෙන්නේ සිය ගුරුතුමියගේ අනාවැකිය සඵල කරමිනි.

1980 අප්‍රේල් 27 වැනි දින මෙළොව එළිය දුටු එරන්ද ගිනිගේ හැදී වැඩුණේ “පුරෝගාමීත්වයේ නගරය” ලෙස විරුදාවලි ලත් මොරටුව පුරවරයේ ය.

ද සොයිසා මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද හෙතෙම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ව 1991 වසරේ දී වේල්ස් කුමාර විද්‍යාලයට ඇතුළත් විය. දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ එරන්ද සිංහල භාෂා විෂය වෙනුවෙන් පිරිනැමෙන අංශ ත්‍යාගය සෑම වසරක ම පාහේ දිනා ගැනීමට සමත් විය. පාසලේ සිංහල විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස බොහෝ ජයග්‍රහණ දිනා දීමට සමත් වූ ගිනිගේ, 1997 වසරේ දී සමස්ත ලංකා පාසල් කථික තරගාවලියෙන් ඉංග්‍රීසි මාධ්‍ය අංශයෙන් “ප්‍රථම ස්ථානය” දිනා ජාතික සම්මානයෙන් සිය පාසල ඔප් නැංවූයේ ය. 

එරන්දගේ සිංහල රචනා කෞෂල්‍යය සහ පරිකල්පන හැකියාව දුටු ඔහුගේ සිංහල භාෂා ගුරුතුමිය, අනාගතයේ දවසක සිය ශිෂ්‍යයා ගත් කතුවරයෙකු වෙනු ඇතැයි වරක් පවසා තිබේ. 

2003 වසරේ ඉන්දියාවේ බැංගලෝර් සරසවියෙන් ජාන විද්‍යාව පිළිබඳව ප්‍රථම පන්තියේ උපාධියක් හිමි කර ගත් එරන්ද ගිනිගේ කොළඹ ජාත්‍යන්තර පාසලේ විද්‍යා විෂය ගුරුවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ය. අනතුරුව කලක් විදෙස් ගත ව ද ඉගැන්වූ හෙතෙම, 2006 වසරේ සිට උසස් අධ්‍යාපන කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසියේ ය. 

2008 වසරේ ඕස්ට්‍රේලියාවේ සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපෘති සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගත් ගිනිගේ, ලෝකයේ විශාලත ම ජාත්‍යන්තර සංස්කෘතික සම්බන්ධතා සංවිධානය වන බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නව්‍යකරණ සහ ව්‍යාපාර සම්බන්ධතා ප්‍රධානියා බවට පත් විය. වසර හතකට අධික කාලයක් ලංකාවේ “ව්‍යවසායකත්ව අධ්‍යාපනය” දියුණු කිරීම සඳහා විවිධාකාරයෙන් කටයුතු කළ හෙතෙම තරුණ ව්‍යවසායකයන් සඳහා වූ ලංකාවේ පළමු රියැලිටි ටෙලිවිෂන් අත්දැකීම වන “අයිඩියේටර්ස්” නිෂ්පාදනය කළේ ය. 

ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ළමා පොතක් වන “රයන් ටු ද මූන්” නමැති කෘතිය එම්. ඩි. ගුණසේන සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ එම කාලය අතරතුර ය.

සමාජ සහ පාරිසරික ගැටලු විසඳන නව අර්ථ ක්‍රමයක් පිණිස වන “සමාජ ව්‍යවසායකත්වය” ලංකාවට හඳුනවා දීමට එරන්ද ගිනිගේ පුරෝගාමී වන්නේ ඒ පිළිබඳව සිංහල භාෂාවෙන් රචිත පළමු පොත වන “සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වීමට මග” ස්වයං ප්‍රකාශයට පත් කිරීමෙනි. එමෙන් ම සමාජ ව්‍යවසායකයන් වෙනුවෙන් ලෝකයේ නිෂ්පාදනය කළ ප්‍රථම රූපවාහිනී වැඩසටහන වන “ඇත් පවුර” සංකල්පය නිර්මාණය කර එය සම-නිෂ්පාදනය කිරීමට ද හෙතෙම කටයුතු කළේ ය.

ලංකාවේ සමාජ සහ පාරිසරික ගැටලු පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ හඬ නැගූ එරන්ද ගිනිගේ, 2018 වසරේ සිට දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් විය. “ජනරජය” නමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමාලාවට අත්පොතක් ඔහු විසින් ලියා ප්‍රකාශයට පත් කරනු ලබන්නේ මෙම අවධියේ ය.

2021 වසරේ භූතානයේ උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපන අංශ ප්‍රධානී ලෙස සේවය කරමින් සිටි හෙතෙම ලංකාවේ මෑත ඉතිහාසයේ තීරණාත්මක අභියෝගයක් වූ 2022 අර්බුද අවස්ථාවේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට සහාය දීමට ජනාධිපති උපදේශක තනතුරට පත් විය.

සිය සුවිශේෂී සමාජ සහ දේශපාලනික අත්දැකීම් තුළින් ලද ගැඹුරු අවබෝධයත්, සිංහල ඉතිහාස ගවේෂණයෙන් ලද දැනුමත්, නිර්මාණශීලී පරිකල්පනයත්, සිංහල භාෂාව කෙරෙහි කුඩා කල දැක්වූ හැකියාව කාලයක් තිස්සේ ප්‍රගුණ කිරීමත් පාදක කොට ගනිමින් එරන්ද ගිනිගේ විසින් රචිත සිය කුළුඳුල් සිංහල නවකථාව වන “අවතරණය” සරසවි ප්‍රකාශකයන් විසින් 2025 වසරේ දී ප්‍රකාශයට පත් කිරීමට තෝරා ගැනෙන්නේ සිය ගුරුතුමියගේ අනාවැකිය සඵල කරමිනි.

කර්තෘට ලියන්න

අවතරණය පිළිබඳ ඔබේ වටිනා අදහස් මා වෙත එවන්න.

සියලුම හිමිකම් ඇවිරිණි.